පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
හේතු සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, ඇස දුක් වේ. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් සැප වන්නේද?
’’කණ දුක් වේ. කණ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කණ කොයින් සැප වන්නේද?
’’නාසය දුක් වේ. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් සැප වන්නේද?
’’දිව දුක් වේ. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් සැප වන්නේද? , කය දුක් වේ. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කය කොයින් සැප වන්නේද?
’’සිත දුක් වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, හෙද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් සැප වන්නේද?
’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි.
මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගණියි, වදාළේය.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2011)
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
හේතු සූත්‍රය. (2)
විවරණ [0]