පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඇස අනිත්‍යය. යමක් අනිත්‍යය නම්, එය දුක් වේ. යමක් දුක නම්, එය අනාත්ම වේ. යමක් අනාත්ම නම්, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.
’’කණ අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි. ’’නාසය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
’’දිව අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
’’කය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
’’සිත අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුක් වේ. යමක් දුකද, එය අනාත්ම වේ. යමක් අනාත්මද, එය, ’’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුයි.
’’මහණෙනි, මෙසේ දකින්නාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ, ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.
කළ යුතු දෙය කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගණීය’’ යි (වදාළ සේක.)
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron
Português
- Michael Beisert
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2018)
Srpski
- Branislav Kovačević (2023)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
(අධ්‍යාත්මායතන) අනිත්‍ය සූත්‍රය
විවරණ [1]
English