පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Christelle Ah-Mouck (2026)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපසේන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර සීතවන නම් සොහොනෙහිවූ සප්පසොණ්ඩික නම් ලෙනෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේගේ ශරීරයෙහි සර්‍පයෙක් වැටුනේය. (ශරීරයෙහි ස්පර්‍ශවූ පමණින් විස නගන්නාවූ, ප්‍රට්ඨවිස නම් වර්‍ගයට අයත් සර්‍පයෙකි)
’ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. ’’ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට (විනාශ වීමට) පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්’’ යයි කීයේය.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට මෙය කීයේය. ’’ආයුෂ්මත් උපසේනයන්ගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකිමු. එතකුදු වුවත් ආයුෂ්මත් උපසේන තෙම මෙසේ කියයි. ’’ඇවැත්නි, එව්. මාගේ මේ සිරුර මෙහිම බොල් මිටක් මෙන් විසිර යාමට පළමු ඇඳකට නංවා පිටතට ගෙන යව්’’ යයි කියායි.
’’ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ’ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ’කණ මම වෙමියි කියා හෝ, මාගේ කණය’ කියා හෝ, ’නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ’දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ’කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ’සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ කියා හෝ යන අදහස යමෙකුට ඇත්තේද,
’’ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඔහුගේ ශරීරයෙහි අන්ප්‍රකාරයක් හෝ, ඉන්‍ද්‍රියයන්ගේ වෙනස් වීමක් හෝ වන්නේය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මට වනාහි ’ඇස මම වෙමියි කියා හෝ, මාගේ ඇසය’ කියා හෝ, ’කණ මම වෙමියි කියා හෝ, මාගේ කණය’ කියා හෝ, ’නාසය මම වෙමියි කියා හෝ, මාගේ නාසය’ කියා හෝ, ’දිව මම වෙමියි කියා හෝ, මාගේ දිවය’ කියා හෝ, ’කය මම වෙමියි කියා හෝ, මාගේ කයය’ කියා හෝ, ’සිත මම වෙමියි කියා හෝ මාගේ සිතය’ යි යන අදහසක් නැත්තේය.
’’ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඒ මාගේ සිරුරෙහි අන් ප්‍රකාරයක් හෝ ඉන්‍ද්‍රියයන්ගේ විපරිනාමයක් හෝ කුමක් හෙයින් වන්නේද, එසේනම් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ බොහෝ කලක් අහංකාරය, මමායනය, (මාගේයයි සිතීම) මානය, සහ ක්ලේශයෝ හොඳින් නසන ලද්දාහු නොවෙත්ද, එහෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ට, ’ඇස මම වෙමියි හෝ, මාගේ ඇසය’ යි හෝ, ’කණ මම වෙමියි හෝ, මාගේ කණය’ යි හෝ, ’නාසය මම වෙමියි’ හෝ, මාගේ නාසයයි’ හෝ, ’දිව මම වෙමියි හෝ, මාගේ දිවයයි’ හෝ, ’කය මම වෙමියි හෝ, මාගේ කයයයි’ හෝ, ’සිත මම වෙමියි’ හෝ මාගේ සිතය’ යි හෝ මෙබඳු අදහසක් නොවේය’’ යි කීහ.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර ඇඳකට නංවා පිටතට ගෙණ ගියාහුය. ඉක්බිති ආයුෂ්මත් උපසේන ස්ථවිරයන්ගේ සිරුර බොල් මිටක් මෙන් එහිම විසුරුනේය.
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Christelle Ah-Mouck (2026)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපසේන සූත්‍රය
විවරණ [1]
English