පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලෝක සුත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමිනි, ’ලෝකය, ලෝකය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකයයි කියනු ලැබේද?’’ යනුවෙනි.
’’මහණෙනි, නැසෙන හෙයින් ලෝකයයි කියනු ලැබේ. කුමක් නැසේද යත්, මහණ, ඇස වනාහි නැසේ. රූපයෝ නැසෙත්. චක්ඛු විඤ්ඤාණය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නැසෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.
’’කණ නැසෙයි. ශබ්දයෝ නැසෙත්. සෝත විඤ්ඤාණය නැසෙයි. සෝත සම්ඵස්සය නැසෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.
’’නාසය නැසෙයි. ගන්‍ධය නැසෙයි. ඝාණ විඤ්ඤාණය නැසෙයි. ඝාණ සම්ඵස්සය නැසෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.
’’දිව නැසෙයි. රසය නැසෙයි. ජිව්හා විඤ්ඤාණය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නැසෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.
’’කය නැසෙයි. ස්පර්‍ශය නැසෙයි. කාය විඤ්ඤාණය නැසෙයි. කාය සම්ඵස්සය නැසෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි.
’’සිත නැසෙයි. ධර්‍මයෝ නැසෙත්. මනෝ විඤ්ඤාණය නැසෙයි. මනෝ සම්ඵස්සය නැසෙයි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් ඒ වේදනාවකුත් උපදීද, එයද නැසෙයි. මහණ, නැසෙන හෙයින් වනාහි ලෝකයයි කියනු ලැබේය’’ යි වදාළ සේක.
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2010)
Português
- Michael Beisert (2004)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ලෝක සුත්‍රය
විවරණ [1]
English