පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bernat Font (2025)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Komlódy Zsolt (2009)
Polski
- Piotr Jagodziński (2024)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකාස සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යම්සේ අහසෙහි නොයෙක් වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණුදිගින්ද වාතයෝ හමත්. දූවිලි සහිත වාතයෝද හමත්. දූවිලි නැති වාතයෝද හමත්. ශීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. ස්වල්ප වූ වාතයෝද හමත්. මහත් වූ වාතයෝද හමත්. මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්, දුක් වේදනාවෝද උපදිත්, උපෙක්‍ෂා වේදනාවෝද උපදිත්යයි, වදාළසේක.
අහසෙහි යම්සේ නානාප්‍රකාරවූ, බොහෝ වාතයෝ හමත්ද, පෙරදිගින්ද, අවරදිගින්ද, උතුරුදිගින්ද නැවත දකුණු දිගින්ද වාතයෝ හමත්.
කළෙක ධූලි සහිතවූද, ධූලි රහිතවූද, ශිතවූද, උෂ්ණවූද, මහත්වූද, ස්වල්පවූද, බොහෝ වාතයෝ හමත්.
එසේම මේ ශරීරයෙහි සැපවූද, දුක්වූද, සැපද නොවූ, දුක්ද නොවූ නොයෙක් වේදනාවෝ උපදිත්.
කෙළෙස් තවන වීර්‍ය්‍යඇති මහණ, යම් හෙයකින් සම්‍යක් ප්‍රඥාව අත් නොහරීද, එහෙයින්ම සියලු වේදනා පිරිසිඳ දැනගනියි.
හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහිම ආශ්‍රව රහිතවූයේ, ධර්‍මයෙහි පිහිටියේ, අර්‍හත්වයට පැමිණියේ, ශරීරයාගේ භේදයෙන් පහත් සත්ත්‍වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.,
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bernat Font (2025)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Komlódy Zsolt (2009)
Polski
- Piotr Jagodziński (2024)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකාස සූත්‍රය. (1)
විවරණ [1]
English