පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bernat Font (2025)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අගාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ආගන්තුක ශාලාවක් යම්සේ වේද? එහි පෙරදිගින්ද අවුත් වාසය කරත්. අපරදිගින්ද අවුත් වාසය කරත්. උතුරුදිගින්ද අවුත් වාසය කරත්. දකුණුදිගින්ද අවුත් වාසය කරත්. ක්‍ෂත්‍රියයෝද පැමිණ වෙසෙත්. බ්‍රාහ්මණයෝද පැමිණ වෙසෙත්. වෛශ්‍යයෝද පැමිණ වෙසෙත්. ශුද්‍රයෝද පැමිණ වසත්.
’’මහණෙනි, එසේම මේ ශරීරයෙහි නොයෙක් වේදනාවෝ උපදිත්. සැප වේදනාවෝද උපදිත්. දුක් වේදනාවෝද උපදිත්. උපෙක්‍ෂා වේදනාවෝද උපදිත්. සාමිස සැප වේදනාද උපදිත්. නිරාමිස සැප වේදනාද උපදිත්. සාමිස දුක් වේදනාද උපදිත්. නිරාමිස දුක් වේදනාද උපදිත්. සාමිස උපෙක්‍ෂා වේදනාද උපදිත්. නිරාමිස උපෙක්‍ෂා වේදනාද උපදිත්යයි, වදාළසේක.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bernat Font (2025)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අගාර සූත්‍රය
විවරණ [1]
English