පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මවාදී සූත්‍රය
“ඇවැත් ශාරිපුත්‍රය, ලෝකයෙහි ධර්මවාදීහු කවරහුද? ලෝකයෙහි මනාකොට පිළිපදින්නෝ කවරහුද? ලෝකයෙහි කවරෙක් යහපත් මාර්ගයෙහි ගියාහුද?”
“ඇවැත්නි, යම්කිසි කෙනෙක් රාගය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දෙශනා කරත්ද, ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දෙශනා කරත්ද, මොහය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දෙශනා කරත්ද, ඔව්හු ලෝකයෙහි ධර්මවාදීහුය. ඇවැත්නි, යම්කිසි කෙනෙක් රාගය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද, මොහය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද, ඔව්හු ලොකයෙහි නොකොට පිළිපදින්නෝය. ඇවැත්නි, යම්කිසි කෙනෙකුන් විසින් රාගය ප්‍රහීණ කරණ ලද ද, සිඳින ලද මුල් ඇත්තේ වේද, කරටිය සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේද, ද්වේෂය ප්‍රහීණ කරණ ලද්දේද, සිඳිනලද මුල් ඇත්තේද? මුදුන සිදින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දේද, මොහය ප්‍රහීණ කරණ ලද්දේද සිඳිනලද මුල් ඇත්තේ වේද? කරටිය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේද, ඔව්හු ලෝකයෙහි යහපත් මාර්ගයේ ගමන් කළෝ වෙත්.
“ඇවැත්නි, මේ ලෝභයාගේ රාගයාගේ ද්වේෂයාගේ මොහයාගේ ප්‍රහාණයට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?
“ඇවැත්නි, මේ රාගයාගේ ද්වෙෂයාගේ මොහයාගේ ප්‍රහාණයට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.
“ඇවැත්නි, ලෝභයාගේ ද්වෙෂයාගේ මොහයාගේ ප්‍රහාණයට මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරේද?
“ඇවැත්නි, මේ රාගයාගේ ද්වෙෂයාගේ මොහයාගේ ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුය. ඇවැත්නි, මේ රාගයාගේ, ද්වෙෂයාගේ, මොහයාගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.
“ඇවැත්නි, රාගයාගේ ද්වෙෂයාගේ මොහයාගේ ප්‍රහාණයට මේ යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.”
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධම්මවාදී සූත්‍රය
විවරණ [1]
English