පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
( දෙවෙනි ) පාස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස අසල ඉසිපතන් මුව වෙනෙහි වෙසෙනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ’’ මහණනි’’ භික්‍ෂූන්ට කථාකළසේක. ’ පින්වතුන් වහන්සැ’’ යි ඒ මහණහු භාග්‍යවතුන් ට පිළිවදන් දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ’’ මහණෙනි, දෙව්කම් සැපද මිනිස් කම් සැපද යන යම් මලපුඩුකෙනෙක් ඇද්ද ඒ හැම මලපුඩුයෙන් ගැලවුනෙමි. මහණනි, යම් ඒ දෙව්සැප මිනිස්සැප යන මලපුඩු ඇත්නම්, තෙපිද ඒ සියල්ලෙන් මිදුනහුය. එබැවින් මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස, අනුකම්පා සඳහා, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, රටින් රට, නුවරින් නුවර, ගමින් ගම සැරිසරවු. එක් පාරින් දෙදෙනෙක් නොයවු. මහණනි, මුල යහපත්, මැද යහපත්, අග යහපත් දහම අරුත් සහිතකොට දෙසවු. අකුරින් පෙදෙන් නොඅඩුකොට සම්පූර්‍ණකොට දෙසවු. සියලු අයුරින් පිරිපුන්, පිරිසුදු සසුන් බඹසර (බ්‍රහ්මර්‍ච්‍යාව ) හෙළිකොට දක්වවු. ප්‍රඥා ඇස වසා සිටි මඳ කෙලෙස් ඇතිසේවූ සත්හු ඇත්තාහ. දහම් නොඅසන බැවින් දහමෙන් ඔහු පිරිහීයෙත්. දහම් දැනගන්නෝ ඇත්තාහ. මහණනි, මමත් දම් දෙසන්නට උරුවෙල් දනව් සේනානි නිගම යම් තැනකද එතැනට යන්නෙමි.’’
එවිට පාපී මාරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’ මහණ, දෙව්සැපද, මිනිස්සැපද, යන මේ මලපුඩු ඇද්ද, සියල්ලෙන් ඔබ බඳනා ලද්දෙහි. මහ කෙලෙස් බැම්මෙන්ම ඔබ බඳනා ලදුයෙහි. ඔබ නොමිදෙන්නෙහිය’’ යි කීය.
දෙව්සැපද, මිනිස්සැපද යන මලපුඩුයෙන් මම් මිදී ගතිමි. මහ කෙලෙස් බැම්මෙන් මිදුනෙමි. මාරය තෝ නැසුණෙහිය.’’ යි වදාළසේක.
එවිට පාපී මාරයා ’භාග්‍යවතුන් වහන්සේ මා හැඳිනගත්හ, සුගතයෝ මා හැඳිනගත්හ’ යි දැන දුක්ව දොම්නස්ව අතුරුදන්විය.
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
( දෙවෙනි ) පාස සූත්‍රය
විවරණ [2]
English
Русский