පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Máthé Veronika (2010)
Polski
- Piotr Jagodziński (2024)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අත්ථත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසීය.
“භවත් ගෞතමයන් වහන්ස, කිමෙක්ද? ආත්මයක් ඇත්තේ දැයි” මෙසේ ඇසූ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති “භවත් ගෞතමයන් වහන්ස ආත්මයක් නැත්තේදැයි” ඇසීය. දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. ඉක්බිති වච්ඡගොත්ත පරිබ්‍රාජකතෙම අසුනෙන් නැගිට ගියේය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ගිය නොබෝකලකින් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට අසන ලද ප්‍රශ්නය ප්‍රකාශ නොකළසේක් දැයි” සැලකෙළේය.
“ආනන්දය, “වච්ඡගොත්ත පරිබ්‍රාජකයා විසින් ආත්මයක් ඇත්තේ දැයි’ අසන ලද්දාවූ මම ආත්මය ඇත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශාස්වතවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් නැද්දැයි අසන ලද්දාවූ මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය නැත්තේයයි ප්‍රකාශ කරන්නෙම් නම්, ආනන්දය, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් උච්ඡේදවාදීහු වෙත්ද, එය ඔවුන්ගේ ලබ්ධිය හා සමාන වන්නේය. ආනන්දය, ආත්මයක් ඇත්දැයි අසන ලද මම වච්ඡගොත්ත පරිබ්‍රාජකයාට ආත්මය ඇතැයි ප්‍රකාශ කරන්නෙම් නම් කිමෙක්ද? ආනන්දය, එය සියලු ධර්මයෝ අනාත්මයහ යන ඥානය ඉපදීම පිණිස එය සුදුසුවන්නේද?” - “නැත, ස්වාමීනි,”
“ආනන්දය, ආත්මය නැත්දැයි අසන ලද්දාවූ මම ආත්මයක් නැතැයි ප්‍රකාශ කරන්නේ නම්, ආනන්දය, මාගේ ආත්මය පෙර ඒකාන්තයෙන් වූයේය. එය දැන් නැත්තේයයි මුළාවූ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ වැඩියත් මුළාව පිණිස පවත්නේය.”
පරිවර්තන [21]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Máthé Veronika (2010)
Polski
- Piotr Jagodziński (2024)
বাংলা
- জ্ঞানেন্দ্রিয় ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අත්ථත්ත සූත්‍රය
විවරණ [1]
English