පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකාස විවෙක නිස්සිත සූත්‍රය
“මහණෙනි, යම්සේ අහසෙහි වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණු දිගින්ද වාතයෝ හමත්. දූලි සහිත වාතයෝද හමත්. දූලි රහිත වාතයෝද හමත්. සීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. කුඩා වාතයෝද හමත්. මහත් වාතයෝද හමත්. මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට සතර සතිපඨානයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සතර සෘද්ධිපාදයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. පඤ්චින්ද්‍රියෝද වැඩීමට සම්පුර්ණවීමට පැමිණෙත්. පඤ්ච බලයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට කෙසේ සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද, සතර ඍද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද, පඤ්චබලයෝද, සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහට සතර සතිපඨානයෝද, සතර සම්‍යක් ප්‍රධානයෝද සතර සෘද්ධිපාදයෝද, පඤ්චින්ද්‍රියයෝද, පඤ්ච බලයෝද, සත්තබොජ්ඣංගයෝද වැඩීමට සම්පූර්ණවීමට පැමිණෙත්යයි” වදාළසේක.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආකාස විවෙක නිස්සිත සූත්‍රය
විවරණ [1]
English