බරවීම්

පරිවර්තන [17]

බ්‍රහ්මඤ්ඤත්ථ සූත්‍රය

“මහණෙනි, තොපට ශ්‍රෙෂ්ඨ බවද ශ්‍රෙෂ්ඨභාවයාගේ අර්ථයද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්‍රෙෂ්ඨ බව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ කෙසේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්‍රෙෂ්ඨ බවයයි කියනු ලැබේ.

“මහණෙනි, ශ්‍රෙෂ්ඨභාවයාගේ අර්ථය නම් කුමක්ද? මහණෙනි, රාගය නැතිකිරීමට නිමිත්තවූ ද්වෙශය නැති කිරීමට නිමිත්තවූ මොහය නැතිකිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද? එය ශ්‍රෙෂ්ඨ භාවයාගේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.

විවරණ [0]