පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කල්‍යාණමිත්ත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටු වන්නේය. එය පෙරනිමිත්ත වන්නේය. මහණෙනි, එමෙන්ම යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද? එය භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස පූර්වංගම වන්නේය. එය පූර්වනිමිත්ත වන්නේය. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩාද? නැවත නැවත කෙසේ වඩාද?
[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණාවූ සම්‍යක් සංකල්පය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස සම්‍යක් වචනය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් ආජීවය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් සතිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු සම්‍යක් සමාධිය වඩයි.
[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
පරිවර්තන [16]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කල්‍යාණමිත්ත සූත්‍රය
විවරණ [0]