පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බ්‍රහ්මචරිය කිමත්ථිය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ.
“ස්වාමීනි, මේ සැවැත්නුවර අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයෝ අපගෙන් මෙසේ විචාරත්. ‘ඇවැත්නි, කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් ළඟ බඹසර වෙසේද?’ කියායි. “ස්වාමීනි, මෙසේ විචාළකල්හි අපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ උත්තර දෙමු. ‘ඇවැත්නි, දුක අවබොධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය.’ කියායි කිම! ස්වාමීනි. මෙසේ විචාලකල්හි මෙසේ උත්තරදෙනු ලබන්නාවූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝ වෙමුද, භාග්‍යවතුන්වහන්සේට බොරුවෙන් දොස් කියන්නෝ නොවෙමුද? ධර්මය අනුව කියන්නෝ වෙමුද? කිසියම් කරුණු සහිතවූ කීමක් නින්දාකටයුතු ස්වභාවයකට නොපැමිණෙන්නේද?”
“මහණෙනි, ඒකාන්තයෙන් මෙසේ විචාළ කල්හි මෙසේ උත්තර දෙනු ලබන්නාවූ තෙපි මා විසින් කියනලද්දක් කියන්නෝද වන්නහුය. මාහට බොරුවෙන් දොස්කියන්නෝද නොවන්නහුය. ධර්මයට අනුව කියන්නෝද වන්නහුය. කරුණු සහිතවූ කිසියම් කීමක් නින්දා කටයුතු ස්වභාවයටද නොපැමිණෙන්නේය. මහණෙනි, දුක අවබොධකිරීම පිණිසම මා කෙරෙහි බඹසර වෙසේ. මහණෙනි, ඉදින් තොපගෙන් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?” මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයනට මෙසේ කියව්. ‘මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේය, ප්‍රතිපදාවක් ඇත්තේය’ කියායි මහණෙනි, ඒ දුක දැනගැනීම පිණිස පවත්නාවූ මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. ඒ කවරහුද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සමාධිය’යි, මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව මේ දුක දැනගැනීම පිණිස වේයයි වදාළහ. මහණෙනි, මෙසේ අසනලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්යයි” වදාළසේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බ්‍රහ්මචරිය කිමත්ථිය සූත්‍රය
විවරණ [1]
English