පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බොධාය සංවත්තන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ‘ස්වාමීනි, බොජ්ඣංගයෝ බොජ්ඣංගයෝයි කියනු ලැබෙත්. ස්වාමීනි, කෙතෙක් කරුණකින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද?” යනුයි.
“මහණ, අවබොධය පිණිස පවතිත්ද එබැවින් බොජ්ඣංගයෝ යයි කියනු ලැබෙත්. මේ ශාසනයෙහි මහණ තෙමේ විවෙකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළාවූ, නො ඇලීම ඇසුරුකළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, ධම්ම විචය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළාවූ නො ඇලීම ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළා වූ නිරොධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරු කළාවූ, නොඇලීම ඇසුරුකළාවූ නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරු කළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයි. මේ ශාසනයෙහි මහණතෙමේ විවෙකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, උපෙක්ඛා-සම්බොජ්ඣංගය වඩයි. මහණ, අවබොධය පිණිස පවතින එබැවින් බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත් යයි” වදාළසේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බොධාය සංවත්තන සූත්‍රය
විවරණ [0]