පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාමරාගද්ධානිය සූත්‍රය
(මෙතැන් සිට මේ සූත්‍ර සියල්ලේම මුල් ඡෙද 2 වෙනි සූත්‍රයේ මෙනි.)
මහණෙනි, කාමරාගයට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ කාමයෙහි අශාවද උපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ද බහුලබව පිණිස, විපුලබව පිණිසද පවතියි. මහණෙනි, ක්‍රොධයට හේතුවූ අරමුණු මෙනෙහිකිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ක්‍රොධයද උපදියි. උපන්නාවූ ක්‍රොධයද බහුල බව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, සිතේ හා චෛතසිකයන්ගේ අලසබවට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසබවද උපදියි. උපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසකම බහුලබව පිණිස මහත් බව පිණිසද පවතියි.
“මහණෙනි, සිතේ නොසන්සුන්බවට හා පසුතැවීමට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ නොසන්සුන්බව හා පසුතැවීමද උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම බහුලබව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, බුද්ධාදී අටතැන සැකයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදී අටතැන සැකය බහුල බව පිණිස මහත්බව පිණිසද පවතියි.
“මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ධම්මවිචය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ධම්ම විචය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරිය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පීති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පස්සද්ධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පස්සධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින්, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි” යනුයි.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කාමරාගද්ධානිය සූත්‍රය
විවරණ [0]