පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උත්තිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
“ස්වාමීනි, මම භාග්‍යවතුන්වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව විවේකිව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙම්ද එබඳු ධර්මයක් මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දේශනා කරන සේක්නම් මැනවි.”
“උත්තිය එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුල පිරිසිදු කරව. කුසල ධර්මයන්ගේ මුල කවරේද? සීලය පිරිසිදු කිරීමද, දෘෂ්ටිය ඍජු කිරීමද වෙයි. උත්තිය, යම් කලක පටන් නුඹගේ සීලය පිරිසිදු වන්නේද, දිඨිය ඍජු වන්නේද, උත්තිය, එතැන් පටන් නුඹ සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
“කවර සතරෙක්ද? උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලොභයද, ක්‍රොධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව.
“උත්තිය, නුඹ යම් කලක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් වඩන්නෙහිද එතැන් පටන් නුඹ මාරයාට අයත් ලෝකයෙන් එතරට යන්නෙහිය.”
ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව ආසනයෙන් නැගිට භාග්‍යවතුන්වහන්සේට වැඳ ගරුකොට ගියේය. ඉක්බිති ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේ හුදෙකලාව විවේකීව අප්‍රමාදිව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙද්ද? මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවර කොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම තෙමේ මනා නුවණින් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කළේය.
ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්ම භාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා කෙනෙක් විය.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උත්තිය සූත්‍රය
විවරණ [0]