පරිවර්තන [24]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Christelle Ah-Mouck (2026)
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Vekerdi József (2014)
Polski
- Piotr Jagodziński (2024)
Türkçe
- Ufuk Çakmakçı (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සේදක සූත්‍රය. (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම්වූ නියම් ගමක්වේද එහි වැඩ වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්‍රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, හුණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්‍ය්‍යයෙනි,යි උණගසින් ක්‍රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්‍ය්‍යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්‍රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්‍රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි.
“මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්‍ය්‍යවරයාට මෙසේ කීය. ‘ආචාර්‍ය්‍යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්‍ය්‍යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්‍රවෙශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මහණෙනි, යම්සේ මේදක ථාලිකා අතවැසිතෙමේ ආචාර්‍ය්‍යයාට කීවේද එමෙන් තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි අනුන් රකින්නේ තමාද රකියි. මහණෙනි, තමා රකින්නේ කෙසේ නම් අනුන් රකියිද? මහණෙනි පුරුදු කිරීමෙන්, වැඩීමෙන් බහුල වසයෙන් කිරීමෙන්ය.
“මහණෙනි, මෙසේ වනාහි තමා රක්නේ අනුන්ද රකියි. මහණෙනි, කෙසේ නම් අනුන් රකින්නේ තමා රකියිද? ඉවසීමෙන් හිංසා නොකිරීමෙන් මෛත්‍රී සිතින් කරුණාවෙන්ද වේ. මහණෙනි, මෙසේ වනාහි අනුන් රකින්නේ තෙමේ රැකෙයි. මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. මහණෙනි තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි” යනුයි.
පරිවර්තන [24]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Christelle Ah-Mouck (2026)
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Vekerdi József (2014)
Polski
- Piotr Jagodziński (2024)
Türkçe
- Ufuk Çakmakçı (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සේදක සූත්‍රය. (1)
විවරණ [2]
English
Deutsch