පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සද්ධම්ම චිරට්ඨිති සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද?
“ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේද ආයුෂ්මත් ආනන්දය ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද?
“ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති. ආයුෂ්මත් භද්‍රය ඔබගේ ප්‍රඥාමාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. අයුෂ්මත් භද්‍රය නුඹ මෙසේ විචාරන්නෙහිද?
‘ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කරුණකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද, කියාද?” “ඇවැත්නි, එසේය.”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේවේ.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)
“ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි”
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සද්ධම්ම චිරට්ඨිති සූත්‍රය
විවරණ [1]
English