පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මානදින්න සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ කලන්දකනිවාප නම්වූ වේලුවනයෙහි වාසය කරයි. එසමයෙහි මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක් වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති මානදින්න ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට කථා කෙළේය.
“පින්වත් පුරුෂය නුඹ එව. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එහි යව. ගොස් ‘ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන් වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳීයයි’ මගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ පාද හිසින් වඳුව. මෙසේද කියව. ‘ස්වාමීනි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, මානදින්න ගෘහපතියාගේ ගෙදර යම් තැනකද අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනව’ කියායි.
ඒ පුරුෂ තෙමේද ස්වාමීනි එසේයයි ගෘහපතියාට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම් තැනකද එහි ගියේය. ගොස්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, මානදින්න ගෘහපති තෙමේ රෝගාතුර වූයේ දුක්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පාද හිසින් වඳියි.’ වැඳ මෙසේද කීවේය. ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා උපදවා මානදින්න ගෘහපතියාගේ නිවෙස යම් තැනකද එතැනට වඩිනු මැනවයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආරාධනය නිශ්ශබ්දව ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන මානදින්න ගෘහපතියාගේ ගෘහය යම් තැනකද එතැනට වැඩියේය. වැඩමවා පැනවූ අසුනෙහි වැඩ හුන්නේය. වැඩහුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මානදින්න ගෘහපතියාට මෙසේ කීය. “කිම, ගෘහපතිය, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ අඩුවෙත්ද? කිම දියුණු වෙත්ද? දුක් වේදනාවන්ගේ අඩුවීමක් පෙනේද? වැඩීමක් නොපෙනේද?”
“ස්වාමීනි, මට ඉවසියහැකි නොවේ. යැපියහැකි නොවේ. මගේ දැඩි දුක් වේදනාවෝ දියුණු වෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනෙයි.”
(මේ ඡෙද තුන මේ වර්ගයේ 9 වෙනි සූත්‍රයේ. 4, 5, 6 වෙනි ඡෙද මෙන් වේ.)
සීලට්ඨිතිවග්ගො තතියො.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Prof. U Ko Lay (1998)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මානදින්න සූත්‍රය
විවරණ [1]
English