පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනනුස්සුත සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාවයයි මම පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය ඇතිවිය, විද්‍යාව ඇතිවිය, ආලොකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වැඩිය යුතුයයිද පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළවිය, ආලොකය පහළවිය. මහණෙනි, මේ කයෙහි කායානුපස්සනාව වඩන ලද්දේයයිද මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය ඇතිවිය, විද්‍යාව පහළවිය, ආලොකය පහළවිය.
[3] “මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලොකය පහළ විය, මහණෙනි මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වැඩිය යුතු යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලොකය පහළ විය, මහණෙනි, මේ වේදනාවෙහි වේදනානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලොකය පහළ විය.
[4] “මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානුපස්සනාව යයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, ආලොකය පහළ විය. මහණෙනි, මේ චිත්තයන්හි චිත්තානු පස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය විද්‍යාව පහළ විය, අලොකය පහළ විය. මහණෙනි, විත්තයන්හි චිත්තානුපස්සනාව වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන් කෙරෙහි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළවිය, අලොකය පහළ විය.
[5] මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව යයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය, ඥානය පහළවිය, විද්‍යාව පහළ විය, ආලොකය පහළවිය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වැඩිය යුතුයයි මට නුවණැස පහළවිය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලොකය පහළ විය. මහණෙනි, මේ ධර්මයන්හි ධම්මානුපස්සනාව වඩන ලදැයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය, ඥානය පහළ විය, විද්‍යාව පහළ විය, ආලොකය පහළ විය.”
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනනුස්සුත සූත්‍රය
විවරණ [1]
English