පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සතිපට්ඨාන විභඞග සූත්‍රය
“මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයද සතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාවද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද?
(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද, සංසිඳවාගෙන කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද, බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ කයෙහි ලොභයද, ක්‍රොධයද සංසිඳවා ගෙන සිතෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මෙ ධර්මයන්හි ලොභයද, ක්‍රොධයද සංසිඳවා ගෙන ධර්මයෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලොකයෙහි ලොභයද, ද්වෙෂයද සංසිඳවා ධර්මයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද,
“කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද, ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද,
මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවයයි කියනුලැබේ.
මහණෙනි, සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඒ කවරේද?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි.
“මහණෙනි, මේ සතිපට්ඨාන භාවනාවට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
අනනුස්සුතවග්ගො චතුත්ථො.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2012)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සතිපට්ඨාන විභඞග සූත්‍රය
විවරණ [1]
English