පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Zacsek Dóra (2010)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පාතිමොක්ඛ සංවර සූත්‍රය
[2] “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දෙශනා කරන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව තනිව අප්‍රමාදව කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” කියායි.
[3] “මහණ, එසේනම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කුමක්ද? මහණ, එසේනම් නුඹ මෙහිදී ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරව. ආචාර ගොචර දෙකින් සමන්විතව සුළු වරදෙහි පවා භය දක්නා සුළුව ශික්ෂාපදයන් දැඩිකොට සමාදන්ව හික්මෙව. මහණ, නුඹ යම් කලෙක පටන් ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරන්නේ, ආචාර ගොචර දෙකින් යුක්තව සුළු වරදෙහි පවා භය දක්නාසුළුව ශික්ෂා පදයන් දැඩිකොට සමාදන්ව හික්මෙන්නෙහිද,
[4] “මහණ, නුඹ මෙතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය.
“කවර සතරක්ද යත්? මහණ, නුඹ මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව.
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව.
[5] “මහණ, නුඹ යම්කලෙක පටන් ශීලය නිසා ශීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද, මහණ, එතැන් පටන් නුඹට යම් රාත්‍රියක් හෝ දවාලක් පැමිණෙන්නේද, එය කුසල් ධර්මයන්ගේ දියුණුවක්ම කැමති විය යුත්තේය. කුසල ධර්මයන්හි පිරිහීමක් නොවන්නේය.
[6] ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරුකොට ගියේය.
ඉක්බිති ඒ භික්ෂුතෙම හුදෙකලාව විවේකීව අප්‍රමාදීව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම සසුනෙහි පැවිදි වෙත්ද, බඹසර කෙළවරකොට ඇති ඒ උතුම්වූ නිවන මේ ආත්මභාවයෙහිම දැන එයට පැමිණ වාසය කළේය. ඉපදීම ක්ෂයවීය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනික් ආත්මභාවයක් නැතැයි මනාකොට දැනගත්තේය. ඒ භික්ෂූන් වහන්සේද රහතුන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Zacsek Dóra (2010)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පාතිමොක්ඛ සංවර සූත්‍රය
විවරණ [0]