පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2010)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අකුසලරාසි සූත්‍රය
(5-8 දක්වා මේ වර්ගයේ සූත්‍රවල 1වෙනි ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, අකුශල රාශියයි මනාව කියතහොත් එය පඤ්ච නීවරණයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ නීවරණ පස මුළුමනින්ම අකුසල් රැසක්මය.
“කවර පසක්ද යත්? ‘කාමච්ජන්ද නීවරණය. ව්‍යාපාද නීවරණය. ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන මොහුයි. මහණෙනි, අකුසල රැසයයි මනාව කියත්හොත් මේ පඤ්ච නීවරණයන්ටම කිය යුතු වන්නේය. මහණෙනි, මේ නීවරණ පස මුළුමනින් අකුසල් රැසක්මය.
“මහණෙනි, කුසල රාශියයි මනාව කියත්හොත් මේ සතර සතිපට්ඨානයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ මුළුමනින් කුසල් රැසක්මය.
“කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද,
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නේද, මහණෙනි, කුසල රාසියයි මැනවින් කියතහොත් මේ සතර සතිපට්ඨානයන්ටම කියයුතු වන්නේය. මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ මුළුමනින් කුසල් රැසක්මය.”
පරිවර්තන [18]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2010)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අකුසලරාසි සූත්‍රය
විවරණ [1]
English