පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bhikkhu U Nandisena (2009)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Fenyvesi Róbert (2009)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සකුණග්ඝී සූත්‍රය
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි සිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.
‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.
“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.
“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
“ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
“මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
“කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,
“කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ශබ්දයෝ වෙත්ද,
“නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ගන්ධයෝ වෙත්ද,
“දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රසයෝ වෙත්ද,
“කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වෙදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරන්නේය.
“වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරන්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ සිය පරපුරෙන් එය ස්වකීය වාසස්ථානය වෙයි.”
පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Bhikkhu U Nandisena (2009)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2018)
Magyar
- Fenyvesi Róbert (2009)
Türkçe
- Ufuk Çakmakçı (2025)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සකුණග්ඝී සූත්‍රය
විවරණ [1]
English