පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බාරාම ද්වින්ද්‍රිය සූත්‍රය
[1] (මේ ඡෙදය මේ වර්ගයෙ 5 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, කොපමණ ඉන්ද්‍රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් ආත්මභාවයක්නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයිද?”
ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොටමැයි. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.
[3] “මහණෙනි, ඉන්ද්‍රියයන් දෙදෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි. කවර දෙදෙනෙකුන්ගේද යත්. අර්හත් මාර්ග ප්‍රඥාවගේ හා අර්හත් මාර්ග සමාධියේය.
[4] “මහණෙනි, යම් මාර්ග ප්‍රඥාවක් ඇත්ද? එය ඔහුගේ පඤ්ඤින්ද්‍රියයි. මහණෙනි, යම් මාර්ග සමාධියක් ඇත්ද? එය ඔහුගේ සමාධින්ද්‍රිය වෙයි. මහණෙනි, මේ ඉන්ද්‍රියයන් දෙදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්‍රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරයි.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුබ්බාරාම ද්වින්ද්‍රිය සූත්‍රය
විවරණ [0]