පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පිණ්ඩොල භාරද්වාජ සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වැඩ සිටසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිම වන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලද්දේ වෙයි.
[2] එකල්හි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී.
“කිමෙක්ද ස්වාමීනි, කිනම් අර්ථයක් දක්නාවූ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්‍රකාශ කරන ලද්දේද?”
[3] “මහණෙනි, ඉන්ද්‍රියන් තුනක් වැඩීමෙන් බහුල කිරීමෙන් පිණ්ඩොල භාරද්වාජයන් විසින් ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී. කවර තිදෙනෙකුන්ගේද යත්. සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යන තිදෙනාගේය.
[4] “මහණෙනි, පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් මේ ඉන්ද්‍රියයන් තිදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ‘ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී. කලයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදී.
[5] “මහණෙනි, මේ තුන් ඉන්ද්‍රියයෝ කුමක් කෙළවර කොට ඇත්තාහුද? ක්ෂය කිරීම කෙළවර කොට ඇත්තාහුය. කවරක්හුගේ ක්ෂය කිරීම කෙළවරකොට ඇත්තාහුද? ජාති ජරා, මරණයන්ගේය.
“මහණෙනි, ජාති, ජරා, මරණ ක්ෂයවීයයි දක්නාවූ පිණ්ඩොල භාරද්වාජ භික්ෂුව විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්‍රකාශ කරන ලදැයි” වදාළේය.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2011)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පිණ්ඩොල භාරද්වාජ සූත්‍රය
විවරණ [0]