පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝ ආදී සූත්‍ර දසය
ඔඝ සූත්‍රය.
[1] (මේ ඡෙදය 1 වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
[2] මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසක්ද? රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි.
“මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ විශෙෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස සතර සම්‍යක් ප්‍රධානයන් වැඩිය යුතුය.
[3] “කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි, උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි.
[4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍යය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි. උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්‍ය්‍ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි.
[5] “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ විශෙෂයෙන් දැනුම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර සම්‍යක්ප්‍රධානයන් වැඩිය යුතුය.”
2-10.
(ඔඝ වර්ගයේ සම්මප්පධාන වශයෙන් ඉතිරි සූත්‍ර නවයද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
ඔඝවග්ගො පඤ්චමො.
පස්වැනි සම්මප්පධාන සංයුත්ත නිමි.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2004)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔඝ ආදී සූත්‍ර දසය
විවරණ [0]