පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Magyar
- Szabó Márta (2009)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගෝතමී සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි කිසාගෝතමී මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය.
සැවැත්නුවර පිඬු සිඟා හැසිර බතින් පසු පෙරළා අවුත් දවල් විවේකයට අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එවිට පාපීවූ මාරයා කිසාගෝතමී මෙහෙණියට බිය, තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සිත එකඟ බවින් ( සමාධියෙන් ) තොරකරනු කැමැත්තේ. කිසාගෝතමී මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ කිසාගෝතමී මෙහෙණියට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’(තෝ) දරුවා මළ එකියක සෙයින්, අඬන මුහුණ ඇතිව තනිව කුමට ඉන්නෙහිද? වනයට වැද තනිව පුරුෂයෙකුවත් සොයහිද?’’
’’එකල කිසාගෝතමී මෙහෙණියට මේ සිත්විය. ’මේ කවරෙක්ද? ගාථා කියන මෙතෙම මිනිසෙක්ද? නොහොත් නොමිනිසෙක්ද?’ ’’
ඉක්බිති කිසාගෝතමී මෙහෙණියට, ’මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොම්දැහැගැනුම් උපදවන්නට කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැතිව, ඔහු ගාථා කියාය’ යි අදහස්විය.
ඉක්බිති කිසාගෝතමී මෙහෙණිය, ’මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:
’’(මම) මළාවූ දරුවකු ඇතිබව ඉක්මවූ තැනැත්තියකිමි. සැමියෝද එයම කෙළවරකොට ඇත්තෝය. ශෝක නොකරමි, නොහඬමි. ඇවැත්නි, තට බියද නොවෙමි, හැම දැයෙහි ඇල්ම (මා විසින්) නසනලදී. මොහාන්‍ධකාරය නුවණින් (මා විසින්) බිඳ දමනලදී. මරසෙන් පරදවා ආශ්‍රව නැත්තියක්ව වෙසෙමි.’’
එවිට පාපීවූ මාරයා, ’කිසාගෝතමී මෙහෙණි මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Magyar
- Szabó Márta (2009)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගෝතමී සූත්‍රය
විවරණ [1]
English