පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආසවක්ඛය ඉද්ධි සූත්‍රය
“මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහි තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව ඒ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ අත් බැව්හිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ සියල්ලෝ සතර ඍද්ධි පාදයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.
“කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.
“මහණෙනි, අතීතකාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුද, දැන් කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්‍රවයන්ගේ නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත්.
“ඒ සියල්ලෝම මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.”
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආසවක්ඛය ඉද්ධි සූත්‍රය
විවරණ [0]