පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුරුද්ධ අන්ධවන සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ රෝගීව දුකට පැමිණ දැඩි ගිලන්ව සැවැත් නුවර අන්ධ වනයෙහි වාසය කළහ. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීවාහුය. කිනම් විහරණයකින් වාසය කරන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ උපන් ශරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්ද?”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන්හි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ මාගේ උපන්නාවූ ශාරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්. කවර සතරෙක්හිද? ආයුෂ්මත්නි, මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරමි.
“කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි.
“කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.
“ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් කෙරෙහි මනාකොට පිහිටුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ මාගේ උපන් ශාරීරික දුක් වේදනාවෝ සිත මැඩගෙන නොසිටිත්” යනුයි.
පළමුවැනි රහොගත වර්ගය නිමි
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අනුරුද්ධ අන්ධවන සූත්රය
විවරණ [0]