පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම කණ්ටකීවන සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් මහාමොග්ගල්ලානස්ථවිරයන් වහන්සේද සාකෙත නුවර කණ්ඨකී වනයෙහි වාසය කළාහුය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේකයෙන් නැගීසිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක වැඩහුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීහ.
[2] “ඇවැත් අනුරුද්ධයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් කිනම් ධර්මයන්ට පැමිණ වාසය කළ යුත්තාහුද?”
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ට පැමිණ වාසය කළ යුතුයි. කවර සතරක්ද? ඇවැත්නි මේ සාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලොකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයි.
කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලොභයද ද්වෙෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.
[3] “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් මේ සතර සතිපට්ඨානයන්ට, පැමිණ වාසය කළ යුත්තේයයි” කීය.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඨම කණ්ටකීවන සූත්‍රය
විවරණ [1]
English