පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඣානාදිසුත්තද්වාදසකං
53.1. පාචීන නින්න සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධ්‍යාන සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් සහිත සිත එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය දුරුකිරීමෙන් සිහි ඇතිව මනා නුවණ ඇතිව මධ්‍යස්ථව වාසය කෙරේ. ධ්‍යාන සුවයද කයින් මනාකොට විඳියි. මධ්‍යස්ථව සිහි ඇතිව සුවසේ වාසය කෙරේයයි ආර්‍ය්‍යයෝ යමක් කියත්ද? ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සුඛ දුක්ඛයන්ගේ ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතර ධ්‍යානයෝයි.”
‘මහණෙනි, යම්සේ ගංගානදිය පෙර දිගට නැමී පෙර දිගට හැරී පෙරදිගට නැඹුරුවී පවතිත්ද මහණෙනි, එසේම ධ්‍යාන සතර වඩන්නාවූ, ධ්‍යාන සතර බහුල කරන්නාවූ, මහණතෙම වනාහි නිවනට නැමුනේ, නිවනට හැරුණේ, නිවනට බරවූයේ වෙයි.
2-12. පාචීන නින්න සූත්‍ර
(මේ සූත්‍ර 12 ද මේ වර්ගයේ මුල් සූත්‍රය මෙන් ධ්‍යාන වශයෙන් යොදාගන්න.)
ගඞ්ගාපෙය්‍යාලවග්ගො පඨමො.
2. ධ්‍යාන අප්පමාද වර්ගය. 1–10. (මග්ග සංයුත්තයේ අප්පමාද වර්ගය මෙහිදී ධ්‍යාන වශයෙන් ගැනීමෙන් සූත්‍ර 10 සම්පූර්ණ වේ.)
3. ධ්‍යාන බලකරණිය වර්ගය. 1–12. (මග්ග සංයුත්තයේ බලකරණිය වර්ගය මෙහිදී ධ්‍යාන වශයෙන් ගැනීමෙන් සූත්‍ර 12 සම්පූර්ණ වේ.)
4. ධ්‍යාන එසනා වර්ගය. 1–10. (මග්ගසංයුත්තයේ එසනා වර්ගය මෙහිදී ධ්‍යාන වශයෙන් ගැනීමෙන් සූත්‍ර 10 සම්පූර්ණ වේ.)
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta (2010)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඣානාදිසුත්තද්වාදසකං
විවරණ [1]
English