පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නන්දක ලිච්ඡවි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි නන්දක නම් ලිච්ඡවි මහ ඇමති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ නන්දක නම් ලිච්ඡවි මහ ඇමතිහට භාග්‍යවතුන් වහන්සේ මෙය කීයේය
‘නන්දකය, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි නිරයෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්‍රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි.
(මේ වර්ගයේ 8 සූත්‍රයේ 8 ඡෙදයේ එන ගෘහපතිය, වෙනුවට නන්දකය, කියාද, “මේ සොතාපත්ති අංග සතරින් යුක්තවූයේ වෙයි” යනු නන්දකය, මේ ධර්ම සතරින් යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ නිරයට නොයන ස්වභාවයෙන් යුක්තවූ, නිවන නියතවූ, නිවන කරා ගමන් කරන්නාවූ සෝවාන් මාර්ගයට පැමිණියෙක් වෙයි” කියාද වෙනස්කොට යොදා ගැනීමෙන් මේ ඡෙදය සම්පූර්ණ වේ.)
“නන්දකය, මේ ධර්ම සතරින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම වනාහි දිව්‍යමයවූද මනුෂ්‍යමයවූද, ආයුසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමය වූද, මනුෂ්‍යමයවූද වර්ණයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද සැපයෙන් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද යසසින් යුක්තවූයේ වෙයි. දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද අධිපතිභාවයෙන් යුක්තවූයේ වෙයි. නන්දකය, එය මම අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් හෝ අසා නොකියමි. හුදෙක් මා විසින් යමක් තෙමේම අවබොධ කරන ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද එයම මම කියමි” යි වදාළසේක.
“මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්දක නම් ලිච්ඡවි මහ ඇමතියාට මෙය කීයේය. ‘ස්වාමීනි, ස්නානය කරන කාලයයි.”
“පින්වත, දැන් මේ බාහිරවූ ස්නානයෙන් වැඩක් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිවූ යම් මේ ප්‍රසාදයක් වේද, මේ ප්‍රසාදය නමැති අධ්‍යාත්මික ස්නානයම ප්‍රමාණයයි” කීය.
සරණානිවග්ගො තතියො.
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Claude Le Ninan, Chandhana Le Ninan (2023)
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නන්දක ලිච්ඡවි සූත්‍රය
විවරණ [1]
English