පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, සැපයට හේතුවූ පුන්‍යගංගා කුශල ගංගා සතරකි. ඒ කවර සතරක්හුද,
[2] “මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ. සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ, සුගතයහ, සියලු ලෝකයන් දන්නාහ හික්මිය යුතු පුරුෂයන් හික්මවීමෙහි තමන්ට වඩා වැඩි කෙනකු නැත්තාහ, දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ, භාග්‍යවත්හ යනුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[3] “මේ සැපයට හේතුවූ පළමුවන පුන්‍ය ගංගාවය, කුසල ගංගාවය,
[4] “තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී. ප්‍රත්‍යක්ෂව දැකියහැකි නුවණ ඇත්තේය. එවලෙහිම ලැබියහැකි ගුණ ඇත්තේය. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. සිත්හි නිතර එළවා වැඩිය යුතු ගුණ ඇත්තේය. නුවණැතියන් විසින් වෙන වෙනම සිත්හි එළවා දතයුතුය. යනුවෙන් ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[5] “මේ සැපයට හේතුවූ දෙවෙනි පුන්‍යගංගාවය, කුසල ගංගාවය.
[6] “තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවන් පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුදුසු පිළිවෙතට පිළිපන්නේය. යම් ඒ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයෝ අටදෙනෙක් වෙත්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝතෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙලකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේය. මුදුනත් තබා වැඳීමට සුදුසුය, ලෝකයාගේ ඉතා උතුම්වූ පිංකෙතය යනුවෙන් සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද,
[7] “මේ සැපයට හේතුවූ තුන්වැනි පුන්‍ය ගංගාවයි. කුසල ගංගාවයි.
[8] “නැවතද අනික් කරුණක් කියමි. මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ කඩනොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනාවූ තිත් නොගැසුනාවූ, නිදොස්වූ, නුවණැත්තන් විසින් පසසනු ලැබුවාවූ, තණ්හා දිට්ඨි දෙකින් අල්වාගනු නොලැබුවාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්‍ය්‍යයන් කැමති වන්නාවූ සීලයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ සතරවැනිවූ පුන්‍ය ගංගාව කුසල ගංගාව වෙයි.
[9] “මහණෙනි, මේ වනාහි සැපයට හේතුවූ පුන්‍ය ගංගා කුසල ගංගා සතර වෙති.”
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුඤ්ඤාභිසන්ද සූත්‍රය (1)
විවරණ [0]