පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සොතාපත්තියංග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සාරිපුත්තය, සොතාපත්ති අංගය, ශොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?”
“ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි ධර්මශ්‍රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’
“සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”?
“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි.
“සාරිපුත්තය, සොතාපන්නය, සොතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සොතාපන්න තෙම කවරේද?”
“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”
“සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේයයි’ වදාළේය.
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සොතාපත්තියංග සූත්‍රය
විවරණ [0]