පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඛන්ධ සච්ච සූත්‍රය
[1] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍යයෝ සතරක් වෙති. කවරක්හුද? දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය, යනුයි.
[3] “මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ
[4] “මහණෙනි, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය කවරේද? නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා යෙදුනාවූ ඒ ඒ භවයෙහි ඇලෙන්නාවූ යම් තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය. යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
[5] “මහණෙනි, දුක්ඛ නිරොධාර්‍ය්‍යසත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම යම් ඉතිරිනොකොට නැතිකිරීමක් දුරුකිරීමක් අත්හැරීමක් මිදීමක් නොඇල්මක් වේද, මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
[6] “මහණෙනි, දුක්ඛ නිරොධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමැයි. හේ කෙසේදයත් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙයයි. මහණෙනි, මේ දුක්ඛ නිරොධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයයි කියනුලැබේ. මහණෙනි, මේ වනාහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝයි.
[7] “මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුයි මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහකටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතු, මේ දුක්ඛ නිරොධ ගාමිණී පටිපදාව යයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි කියායි.
පරිවර්තන [20]
English
- Bhikkhu Bodhi (2000)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Dr. Hellmuth Hecker (1993)
- Sabbamitta (2019)
Español
- Isidatta
Português
- Michael Beisert (2005)
Русский
- o Dhamma.gift (2026)
- SV theravada.ru (2012)
Norsk
- Kåre A. Lie (2019)
বাংলা
- বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඛන්ධ සච්ච සූත්‍රය
විවරණ [1]
English