බරවීම්

පරිවර්තන [20]

සත්ති සත සූත්‍රය

“මහණෙනි, අවුරුදු සීයක් ආයුෂ ඇති, අවුරුදු සීයක් ජීවත්වෙන පුරුෂයෙක් වෙයි’ ඔහුට පින්වත් පුරුෂය, තට උදේ කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය. දවල් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය සවස් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුයයි කියන්නාහුය. පින්වත් පුරුෂය, දිනපතා යවුල් තුන් සීයකින් අනිනු ලබන්නාවූ ඒ නුඹ වනාහි වර්ෂ සීයක් ආයුෂ ඇතිව වර්ෂ සීයක් ජීවත් වන්නෙහි වර්ෂ සීයකින් පසුව අවබොධ නොකළාවූ චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබොධ කරන්නේයයි කියන්නාහුද, මහණෙනි, අර්ථය කැමැති වන්නාවූ කුලපුත්‍රයා විසින් එයට පැමිණීමට (එය ඉවසීමට) සුදුසුය. ඊට හේතු කවරේද?

“මහණෙනි, මේ සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. මහණෙනි, මෙසේ මේ යවුල් පහරවල හා කඩු පහරවල කෙළවරක් නොපෙනේ. මහණෙනි, එය එසේ වූයේවී නමුත් මම දුකින් යුක්තව, දොම්නසින් යුක්තව චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබොධ කිරීම නොකියමි. මහණෙනි, එතකුදු වුවත් මම සැපයෙන් යුක්තව, සොම්නසින් යුක්තව චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබොධ කිරීම කියමි. කවර සතරක්ද?

(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)

විවරණ [1]