පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භික්ඛක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති භික්ඛක ( සිඟීමෙන් ජීවත්වන ) බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතු කථා, සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’මම ආහාර සිඟන්නෙක් වෙමි. පින්වත්වූ ඔබද, ආහාර සිඟන්නෙක් වෙහිය, මෙහි අපගේ කවරනම් වෙනසක් වේද?’’
’’යම් පමණෙකින් අනුන් ( ගෙන් ) සිඟාද, එපමණෙකින් ( ඒ තැනැත්තා ) භික්‍ෂු නම් නොවේ. අකුසලධර්‍මය සමාදන්වීම පමණකිනුදු භික්‍ෂු නම් නොවේ.
’’මේ ලෝකයෙහි යමෙක් කුසලයද, අකුසලයද පහකොට, බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේ, නුවනින් දැන ලොව හැසිරේද, එබඳු තැනැත්තා ඒකාන්තයෙන් භික්‍ෂූයයි කියනු ලැබේ.’’
මෙසේ වදාළ කල භික්ඛක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවර කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා.’’ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට භාග්‍යවතුන් වහන්සේ සලකන සේක්වා.’’
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2015)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2024)
Norsk
- Kåre A. Lie (2015)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භික්ඛක සූත්‍රය
විවරණ [1]
English