පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගග්ගරා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක. මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ( උන්වහන්සේ ) ප්‍රශංසා කරන්නෙම් නම් මැනව’’
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට උතුරුසඟ ඒකස්කොට පොරවා භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ ( වැඳ ) මෙය කීය: ’’භාග්‍යවතුන් වහන්ස, මට ( අදහසක් ) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක් ) වැටහෙයි.’’
’’වඞ්ගීසය, තට ඒ වැටහේවා’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් උන්වහන්සේ ප්‍රශංසා කළේය.
’’චන්‍ද්‍රතෙම වළා පහවූ අහස්හි යම්සේ බබළාද, නිර්‍මලවූ සූර්‍ය්‍ය තෙමේත් යම්සේ බබළාද, මහා මුනිවූ අංගීරසයන් වහන්ස, නුඹවහන්සේද එසේම යසසින් සියලු ලෝකයා ඉක්මවා බබළනසේක.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ගග්ගරා සූත්‍රය
විවරණ [1]
English