බරවීම්

පරිවර්තන [17]

ආනන්‍ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

එකල වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම බොහෝ වේලා ගිහියන් සැනසීමෙහි යෙදී වෙසෙයි.

එකල්හි ඒ වනලැහැබ අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට අනුකම්පා කරන්නේ, හිතවැඩ කැමැත්තේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සංවේග කරනු

කැමැත්තේ, උන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ගාථායෙන් කීය:

’’රුක්මුල් සෙනසුන්හි විසීමට පැමිණ, නිර්‍වාණය හෘදයෙහි බහාගෙන වසන්නාවූ නුඹ වහන්සේට (ගිහියන් සමග කරන ) මේ බිලි බිලි කථාව කුමක් කරන්නේ ද? ගෞතම ශ්‍රාවකයන් වහන්ස, පුමාද නැත්තෙක් වව. භාවනාවෙහි යෙදෙව.’’

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.

විවරණ [1]