පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලඝරණී ( නොහොත් ඕගාළ්හ ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල ඒ මහණතෙම එක්තරා කුලයෙක ඉතා ඇතුලත් බවට පැමිණියේව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ කුලයෙහි යම් කුල ගැහැණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’ගංතෙරවලද, විඩා සංසිඳුවන තැනද, සභාවලද, වීථිවලද ජනයෝ ’ මා ’ යිද ’ තා ’ යිද (එකිනෙකා ගැන) කථා කෙරෙත්. ඒ කුමන කරුණෙකින්ද?
( භික්‍ෂුව මෙසේ කීය: ) ’’තාපසයන් විසින් ඉවසිය යුතුවූ මේ ස්වාභාවයට විරුද්‍ධ ශබ්දයෝ ලොව බොහෝ වෙති. ඒ කාරණයෙන් දුර්මුඛ නොවිය යුතුයි. තාපසයා ඒ අනුන් කී බසින් කිලිටි නොවේ.
’’ යම් තාපසයෙක් වෙනෙහි වෘක මෘගයකු මෙන් සුලු ශබ්දයෙන්ද තැතිගන්නේද, හෙතෙම සැහැල්ලු සිත් ඇත්තෙකැයි කියත්. සැහැල්ලු සිත් ඇති මහණහුගේ සීලය සම්පූර්‍ණ නොවේ.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Sabbamitta (2019)
- Wilhelm Geiger (1925)
Español
- Anton P. Baron (2011)
Català
- Albert Biayna Gea
Русский
- SV theravada.ru (2013)
Norsk
- Kåre A. Lie (2016)
Srpski
- Branislav Kovačević (2023)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
කුලඝරණී ( නොහොත් ඕගාළ්හ ) සූත්‍රය
විවරණ [1]
English