පරිවර්තන [23]
English
- Bhikkhu Sīlācāra (2015)
- Bhikkhu Sujato
- Suddhāso Bhikkhu
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano (1999)
Português
- Michael Beisert (2005)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Magyar
- Fenyvesi Róbert (2008)
Srpski
- Branislav Kovačević (2023)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධනීය සූත්‍රය
පැසුණු බත් ඇති දොවූ කිරි ඇති මම මහාමහි නදියේ ඉවුර සමීපයෙහි සමානවූ ජනයා හා වසන්නේ වෙමි. මාගේ සැළ සෙවිලි කරණලදී. ගින්න මොළවන ලද්දේය. වළාකුල දැන් ඉදින් කැමැත්තෙහි නම් හොඳට වසින්න යයි ධනිය ගොපල්ලා කීයේය.
“(ධනියය) මම ක්‍රොධ රහිත වූයෙමි. සිත්හි පහවූ උල් ඇත්තේ වෙමි. මහීනදියගේ තෙර සමීපයෙහි රාත්‍රියේ තනි වාසය ඇත්තෙමි. අරින ලද පැල (ආත්මය) ඇත්තෙමි. (රාගාදී) ගිනි නිවුණේය, දැන් ඉදින් කැමැත්තෙහි නම් මෙඝය වසීවයි කීමට මම ම නිසි ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“කණ මැස්සන් හා මදුරුවන් නැත්තාහුය. නදිය අසබඩ හටගත් තන ගවයෝ කති. පැමිණි වැස්ස ඉවසන්නාහුය. වලාකුළ දැන් ඉදින් කැමැත්තෙහි නම් වසින්න යයි (ධනිය ගොපල්ලා කීයේය.)
“(මාර්ග නැමැති) පසුර බඳිනා ලද්දීය. එතෙර වූයේ පරතෙර ගියේ, වතුර පහර හික්මවන්නේය, (මාර්ග නැමැති) පසුරෙන් ප්‍රයෝජනයක් නැත. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
“මාගේ ගොපලු භාර්යාව කීකරුය. ලොල්බව නැත්තීය. බොහෝ කලක් මුළුල්ලෙහි සමග වසන්නීය. මන වඩන්නීය. ඇගේ කිසි පාපයක් නොඅසමි. දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්නයයි” (ධනිය ගොපල්ලා කීයේය.)
“(ධනියය) මාගේ සිත කීකරුය. මිදුනේය. බොහෝ කලක් වඩන ලදී. මොනොවට දමනය කරණ ලදී. මට පවක් නැත්තේය. දැන් ඉදින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” බුදුහු වදාළහ.)
“මම මා සතු බත් වැටුපෙන් රැකෙන්නෙමි මාගේ දරුවෝද එක්ව වසත්. නිරෝගය. ඔවුන්ගේද කිසි පාපයක් නොඅසමි. එසේ හෙයින් දැන් ඉතින් කැමැත්තෙහි නම් වැස්ස වසින්න යයි” (ධනීය ගොපල්ලා) කීයේය.)
“මම කාගේවත් බැලයෙක් නොවෙමි. මම සියලු ලොකයෙහි බැලකමින් තොරවැ හැසිරෙමි. බැලයෙන් ප්‍රයොජනයක් නැත්තේය. වැස්ස ඉදින් කැමැත්තෙහි නම් වසින්නයයි’ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
“මාගේ ගව මුලෙහි නාඹු වස්සෝද ඇත්තාහ, කිරිබොන ලමා වස්සෝද ඇත්තාහ, ගැබ දරණ දෙන්නුද ඇත්තාහුය, නැවත මෙවුන්දම් පතන දෙන්නුද ඇත්තාහ. තවද ගවයන්ට නායකවූ වෘෂභයාත් මෙහි ඇත. වැස්ස ඉදින් ඔබට වුවමනා නම් වහින්න යයි” (ධනිය ගොපල්ලා) කීයේය.)
(“ධනියය) අපගේ සස්නෙහි වසයයි කියනලද වඩින කෙළෙස් නැත. ධෙනුපා නම් නිදන කෙලෙස්ද නැත. ගොචරණි යයි කියන කර්ම අකුශල නැත නැවත පවෙණියයි කියන ලද භව තෘෂ්ණාද නැත. නැවත ගවපති වෘෂභ නම්වූ අභිසංස්කාර විඥාණය නැත. වැස්ස ඉදින් ඔබට වුමනා නම් වහින්නයයි” (බුදුහු වදාළසේක.)
“ගවයන් බඳිනා කණු සාරා පිහිටුවන ලද්දාහු නොසෙලවේ. මුදු තණ කොළින් කරණ ලද ලනු අළුත්ය. මනා පිහිටීම් ඇත්තාහ. තරුණ වස්සෝත් කඩන්නට නොම හැක්කෝය. දැන් ඉදිත් කැමැත්තෙහි නම් වසින්නයයි (ධනිය කීයේය.)
“මම වෘෂභයා බැඳුම් මෙන් කඩාගෙන ඇතා කීඳි වැල මෙන් කඩාගෙන නැවත මව් ගැබට නොපැමිණෙමි. දැන් ඉදින් කැමැත්තෙහි නම් වළාකුළ වසින්න යයි” (බුදුහු වදාළෝය.)
එකෙණෙහි වලද ගොඩද පුරමින් මහත්වූ මෙඝයෙක් වැස්සේය. වස්නාවූ මෙඝයාගේ ශබ්දය අසා ධනිය තෙම මේ අදහස පැවසීය.
“පුදුමයෙකි, යම්බඳුවූ අප හැම භාග්‍යවතුන් දකුමෝද ඒ අප හැමදෙනාට මහත් ලාභයෙකි. ඇස් ඇත්තානෙනි, නුඹ වහන්සේ සරණ යමි. මහාමුනිවරය, ඔබ අපගේ ඇදුරා වෙහිය.”
“ගොපියද මමද යන දෙදෙන කීකරුව සුගතයන් වහන්සේගේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව හැසිරෙමු. ජාතියගේ හා මරණයාගේ පරතෙර ගිය දුක අවසන් කරන්නෝ වෙමු.
“දරුවන් ඇති පියා දූ දරුවන් සමග සතුටු වෙයි. ඒ දරුවන් ඇත්තහු සතුටු වන්නේය. එසේ ම බොහෝ ගවයන් ඇත්තේ ගවයන් නිසා සතුටු වන්නේය. මනුෂ්‍යයාට කාමාදියෙන් සතුටුවේ. කාමාදින් අත්හළ තැනැත්තේද සතුටු නොවන්නේමය” (මාරදිව්‍ය පුත්‍රතෙම කීය.)
“බොහෝ දරුවන් ඇති පුද්ගලතෙම දූන් හා පුතුන් සමග ශොක කරන්නේය. එසේම බොහෝ ගවයන් ඇත්තේ භවයන් කරණ කොටගෙන සොක කරන්නේය. යම් හෙතුවකින් කාමුපධිහු මනුෂ්‍යයා ශොක කරවත්ද, එනිසා යමෙක් උපධි අත්හැරියේ වේද හෙතෙම නොම ශොක කරත්යයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ධනියසුත්තං දුතියං නිට්ඨිතං.
පරිවර්තන [23]
English
- Bhikkhu Sīlācāra (2015)
- Bhikkhu Sujato
- Suddhāso Bhikkhu
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano (1999)
Português
- Michael Beisert (2005)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Magyar
- Fenyvesi Róbert (2008)
Srpski
- Branislav Kovačević (2023)
Čeština
- Bhikkhu Gavésakó, Štěpán Chromovský
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධනීය සූත්‍රය
විවරණ [1]
English