පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2013)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභාෂිත සූත්‍රය
“මා විසින් මෙසේ අසන ලදී, එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවනයෙහිවූ අනේ පිඬුමහසිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක, එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැයි’ ඒ භික්ෂු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ වචනය යහපත්කොට කියන ලද්දේවේ. නපුරු කොට කියන ලද්දේ නොවේ. නුවණැත්තන් විසින් දොස් නොකියන ලද්දේවේ. දොෂාරොපණ කරණ ලද්දේ නොවේ. කවර සතරකින්ද යත්, මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම යහපත් වචනයම කියයි. නපුරු වචන නොකියයි. ධර්මයම කියයි. අධර්මය නොකියයි. ප්‍රියවූ වචනම කියයි අප්‍රියවූ වචනය නොකියයි. ඇත්තම කියයි, බොරු නොකියයි. මහණෙනි මේ අංග සතරින් යුක්තවූ වචනය යහපත්ව කියන ලද්දේවේ. නපුරු කොට කියන ලද්දේ නොවේ. නුවණැත්තන් විසින් දොස් නොකියන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා නැවත සුගතයන් වහන්සේ මෙසේද වදාළ සේක.
“සත්පුරුෂයෝ යහපත් වචන කීම උත්තමයයි කියත්. ධර්මය කියන්නේය. අධර්මය නොකියන්නේය. එය දෙවැන්නය ප්‍රිය වචන කියන්නේය. අප්‍රිය වචන නොකියන්නේය, එය තුන්වැන්නය, ඇත්ත කියන්නේය බොරු නොකියන්නේය, මෙය සතර වැන්නය.”
“ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ අස්නෙන් නැගිට සිවුර එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “සුගතයන් වහන්ස මට වැටහෙයි” “වංගීසය තොපට වැටහේවායි” වදාළසේක. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ප්‍රශංසා කෙළේය.
“යම් වචනයකින් තමන් නොතවාද අනුන්ට හිංසා පිණිස නොවේද? ඒකාන්තයෙන් ඒ වචනය සුභාෂිතය වේ. ඒ වචනය කියන්නේය.
“යම් වචනයක් සතුටුසිතින් විඳිය යුතුනම් එය කියන්නේය. යම් වචනයක් කියන කල අනුන්ට අප්‍රිය නම් එය නොගෙන ප්‍රිය වචනයම කියන්නේය.
“ඒකාන්තයෙන් සත්‍යය අමෘත වචනයවේයි. සත්පුරුෂයෝ සත්‍යයෙහිද අර්ථයෙහිද ධර්මයෙහිද පිහිටියාහුය යන මේ ධර්මය පැරණිය.
“බුදුරජාණන් වහන්සේ නිර්භයවූ නිවණට පැමිණීම ප්‍රයෝජන කොට යම් වචනයක් දෙශනා කරයිද, ඒකාන්තයෙන් ඒ වචනය වචනයන් අතුරෙන් උතුම්ය.”
සුභාසිතසුත්තං තතියං නිට්ඨිතං.
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2013)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුභාෂිත සූත්‍රය
විවරණ [0]