පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුද්ධට්ඨක සූත්‍රය
“පිරිසිදුවූ, ශ්‍රෙෂ්ඨවූ, නිරොග භාවයට පැමිණියක්හු දකිම්යයිද, ඒ දැකීමෙන් සත්වයාගේ පිරිසිදුකමවේයයිද මෙසේ විශෙෂයෙන් දන්නේ ඒ දැකීම ශ්‍රෙෂ්ඨයයි දැන පිරිසිදුකම දක්නා සුළුවූයේ මාර්ගඥාණය අදහන්නේය.
“ඉදින් දැකීමෙන් සත්වයාගේ කෙලෙස් පිරිසිදුවීමවේද, ඒ සත්වතෙම නුවණින් හෝ (ජාත්‍යාදී) දුක් දුරුකරන්නේය. හෙතෙම රාගාදී කෙලෙස් සහිතවූයේ අනෙකකින් ශුද්ධවේ. දෘෂ්ටි තොමෝම එසේ කියන ඔහුට කියන්නේය.
“පිනෙහිද පවෙහිද නොඇලුණු, මමයයි ගැනීම පහකළ, මේ ලොකයෙහි කිසි කිරීමක් නැති, බ්‍රාහ්මණයන් වහන්සේ අන්පරිද්දෙන් දැකීමකින් හෝ ඇසීමකින් හෝ සිතීමකින් හෝ ශීලයකින් හෝ වත් පිළිවෙතකින් හෝ (ක්ලෙශ) ශුද්ධිය නොකියන්නේය.
“යම් කෙනෙක් පළමු ශාස්තෘවරයා හැර අනිකක්හු ඇසුරුකළාහුද, කම්පාකරන්නාවූ තෘෂ්ණාව අනුව ගියාවූ ඔව්හු (රාගාදී) ඇලීම් එතර නොකරත්. ඔව්හු අල්ලා ගැනීම කෙරෙත්, බැහැරලීමද කෙරෙත්, පළමු අත්ත හැර අනික් අත්තක් ගන්නා වඳුරෙකු මෙනි.
“(කාමාදී) සංඥාවන්හි ඇලුණු සත්වතෙමේ තෙමේම (ඇත්ව්‍රතාදී) වත් සමාදන්ව උස් පහත් ශාස්තෘවරයන් ගැනුමට යන්නේය. මහාප්‍රාඥවූ ක්ෂීණාශ්‍රවතෙමේ සතර මාර්ග නම් වෙදයන් සමග ධර්මය දැන ලොකු කුඩා ශාස්තෲන් ඇදහුමට නොයයි.
“ඒ මහාක්ෂීණාශ්‍රවතෙම යම්කිසි දක්නා ලද්දක් හෝ අසනලද්දක් හෝ සිතින් දැනගත්තක් හෝ වේද, සියලු, ධර්මයන්හි මරසෙන් වනසා සිටියේය. මේ ලොකයෙහි කවරෙක් විවෘතව හැසිරෙන්නාවූ ඒ විශුද්ධිය දක්නාහු කවර ක්‍රමයකින් හිතන්නේද?
“ඔවුහු නොසිතත්, පෙරටු නොකෙරෙත්, ඔවුහු සම්පූර්ණ සුද්ධියයි නොකියත්, ගෙතුණාවූ ආශාදී බැම්ම සිඳපියා ලොකයෙහි කොතැන නමුත් තෘෂ්ණාව නොකරන්නේය.
“ඒ මහා ප්‍රාඥා ක්ෂීණාශ්‍රව තෙමේ (ක්ලෙශ) සීමාවන් ඉක්ම ගියේය. බමුණුත්වෙයි. ඕහට දැනද දැකද හොඳයයි බැසගත් ධර්මයක් නැත්තේය. හෙතෙමේ රාගයෙන් රත්වී නැත. විරාගයෙන් රත්වූයේද නොවෙයි. ඕහට මේ සත්වලොකයෙහි ශ්‍රෙෂ්ඨයයි දැඩිකොට අල්ලාගත් ක්ලෙශ ධර්මයක් නැත්තේය.”
සුද්ධට්ඨකසුත්තං චතුත්ථං නිට්ඨිතං.
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2009)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Slovenščina
- Ajahn Hiriko
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සුද්ධට්ඨක සූත්‍රය
විවරණ [1]
English