බරවීම්

පරිවර්තන [19]

තොදෙය්‍ය මානවක ප්‍රශ්න

“යම් කෙනෙකු කෙරෙහි කාමයෝ නොවෙසෙත්ද, යමෙකුට තෘෂ්ණාව නැද්ද යමෙක් සැකය දුරුකළේද, (ii) ඔහුට කෙබඳු මිදීමක් වේදැයි” ආයුෂ්මත් තොදෙය්‍ය තෙමේ ඇසීය.

භාග්‍යවතුන් වහන්සේ “තොදෙය්‍යය, (මෙහි 1 (i) යොදාගත යුතුයි.) ඔහුට අනෙක් මිදීමක් නැත.”

“පහකළ ආශා ඇති හෙතෙම ආශා ඇති කරගනීද නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයිද, ශ්‍රෙෂ්ඨයන් වහන්ස ඒ මුනිවරයා මම යම්සේ දන්නේද, සර්වඥයන් වහන්ස, ඔහු මට ප්‍රකාශ කළ මැනව.”

“ආශා නැත්තාවූ හෙතෙම බලාපොරොත්තු නොවෙයි. නුවණැති හෙතෙම ඤාණයෙන් සිතයි. තොදෙය්‍යය, මුනිවරයා මෙසේ දැනගනුව රාගාදී කිඤ්චන නැති කාමභවයෙහි නොඇලුන ඒ මුනීහු මෙසේ දනුව.”

තොදෙය්‍යමාණවපුච්ඡා නවමා නිට්ඨිතා.

විවරණ [1]