පරිවර්තන [20]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුණ්ණක මාණවකයාගේ ප්‍රශ්න
“තෘෂ්ණාව නැතිකිරීමේ මුල දැනගන්නා ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් පැමිණියේ වෙමි. මේ ලොකයේ බොහෝ ජටිලයෝද, මනුෂ්‍යයෝද ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද, දෙවියන්ට යාග කළාහුද, එය විචාරමි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණතෙමේ විචාළේය.
“පුණ්ණකය, මේ ලොකයෙහි යම්කිසි බොහෝ මනුෂ්‍ය වූද ක්ෂත්‍රීයවූද බ්‍රාහ්මණවූ ඍෂිකෙනෙක් දෙවියන්ට යාග කළාහුද, පුණ්ණකය, රූපාදිය පතමින් මනුෂ්‍ය භාවය බලාපොරොත්තුවෙන් ජරාව ඇසුරුකළාහුම යාග කළාහුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මේ ලෝකයෙහි යම්කිසි බොහෝ ඍෂි කෙනෙක් ඇද්ද මනුෂ්‍ය කෙනෙක් ඇද්ද, ක්ෂත්‍රියයෙක් බ්‍රාහ්මණයෙක් දෙවියන්ට යාග කළාහුද කිමෙක්ද ඔව්හු යාගයෙහි අප්‍රමාදව යාග කරමින් ජාති ජරා මරණ නැතිකළාහුද, විචාළ මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණක තෙමේ කීයේය.
“පුණ්ණකය, ඔව්හු යාගයන්හි යෙදුනාහු භවාශාවෙන් යුක්තවූවාහු රූපාදිය පතත්, දන් දුන් අයට ප්‍රශංසා කරත්, වචන කියත්, ලාභ නිසා කාමයන්ම පතත්, එහෙයින් ජාතිය ජරාව එතර නොකළාහුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“දන්දෙන ඔව්හු ඉදින් නිදුකානන් වහන්ස, ජාති ජරා දෙක නොඉක්මෙව්වාහුද නැවත කවරෙක් දෙව් මිනිස් ලෙව්හි ඉපදීමද ජරාවද මරණයද එතර කෙළේදැයි අසමි. එය භාග්‍යවතුන් වහන්සේ මට වදාළ මැනවයි” ආයුෂ්මත් පුණ්ණකතෙමේ කීයේය.
“පුණ්ණකය, ලොකයෙහි තමාට අයත්වූද අනුන්ට අයත්වූද ආත්මභාවයන් දැන ලොකයෙහි කිසි තැනක කම්පාවක් නැද්ද, ශාන්තවූ දුශ්චරිතාදී දුම් නැති, රාගාදී දුක් නැති ඉපදීම ජරාව තරණය කළේයයි” වදාළ සේක.”
පුණ්ණකමාණවපුච්ඡා තතියා නිට්ඨිතා.
පරිවර්තන [20]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2006)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පුණ්ණක මාණවකයාගේ ප්‍රශ්න
විවරණ [0]