පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2008)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධොතක මාණවක ප්‍රශ්න
“මහර්ෂීන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රකාශකරණු මැනව, ඔබවහන්සේගේ වචනයට කැමතිවෙමි. ඔබ වහන්සේගේ වචන අසා නිශ්ශබ්දව තමාගේ නිවණෙහි හික්මෙන්නෙමියි” ආයුෂ්මත් ධොතක තෙමේ විචාළේය.
“ධොතකය, මේ ශාසනයෙහිම එසේ නම් කෙලෙස් තවන වීර්ය ඇතිව සිහි ඇතිව කෙලෙස් තවව. මෙයින් අසා තමා නිශ්ශබ්ද නිවනෙහි හික්මෙවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
“මම දිව්‍ය මනුෂ්‍ය ලොකයෙහි රාගාදිය නැති ඉරියව් පවත්වන බමුණෙකු දකිමි. සම්පූර්ණ ඇස් ඇති ඔබ වඳිමි ශ්‍රෙෂ්ඨයාණෙනි, මාගේ සැකය දුරුකරණු මැනවි.”
“ධොතකය මම ලොකයෙහි සැක ඇති කිසිවෙකු මිදවීමට නොයන්නෙමි. ශ්‍රෙෂ්ඨ ධර්මය දැන මෙසේ ඔබ මේ සැඩපහර තරණය කරව.”
“ශ්‍රෙෂ්ඨයාණෙනි, කරුණා කරමින් අනුශාසනා කළ මැනව. මම යම් විවේක ධර්මයක් දැනගන්නෙම් අහස මෙන් වෙනසකට නොපැමිනෙන්නෙම්. මෙහිම සිටියේ තෘෂ්ණා දෘෂ්ටීන් ආශ්‍රිත නොවූයේ හැසිරෙන්නෙමි.”
භාග්‍යවතුන් වහන්සේ “ධොතකය තොපට ශාන්තිය කියමි. මෙලොවම රාගාදී උපද්‍රව රහිතව යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලොකයෙහි තෘෂ්ණාව දුරුකරව්.”
“යමක් දැන සිහි ඇතිව හැසිරෙන මම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උතුම් ශාන්තිය කෙරෙහිත් සතුටුවෙමි. ලොකයෙහි තෘෂ්ණාව දුරුකරමි.”
භාග්‍යවතුන් වහන්සේ “ධොතකය, උඩද යටද සරසද මැදද යමක් මනාකොට දන්නෙහිද, ලොකයෙහි මෙය සංඝ යයි දැන භවයෙන් භවයෙහි තෘෂ්ණාව නොකරව.”
ධොතකමාණවපුච්ඡා පඤ්චමී නිට්ඨිතා.
පරිවර්තන [19]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Português
- Michael Beisert (2008)
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ධොතක මාණවක ප්‍රශ්න
විවරණ [0]