පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නන්ද මානව ප්‍රශ්න
“ලෝකයෙහි ක්ෂත්‍රියාදීහු මුනීහු ඇත්තාහයි කියත්. කිමෙක්ද සමාපත්තිඤාණාදියෙන් උපන් නිසා අපගේ මුනිහු යයි කියත්ද, රූක්ෂ ජීවිකායෙන් යුක්ත නිසා කියත්දැයි” ආයුෂ්මත් නන්දතෙමේ ඇසීය.
“නන්දය, දෘෂ්ටියෙනුත් ඇසීමෙනුත් දැනීමෙනුත් මේ ලොකයෙහි දක්ෂයෝ මුනියයි නොකියති. යම්කෙනෙක් කෙළෙස් සේනා නැතිකොට රාගාදී කෙළෙස් නැතිව, ආශා නැතිව හැසිරෙත්ද ඔව්හු මුනීහු යයි කියමි.”
“යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙණෙක් ඇද්ද, ඔව්හු දුටු දෙයින්ද, ඇසූ දෙයින්ද, ශුද්ධිය කියත්. සීලයෙන්ද, ව්‍රතයෙන්ද, ශුද්ධිය කියත්. නොයෙක් කරුණින් ශුද්ධිය කියත්. භාග්‍යවතුන් වහන්ස, කිමෙක්ද, එසේ හැසිරෙන්නාවූ ඔව්හු නිදුකාණන් වහන්ස, උත්පත්තියද, ජරාවද, තරණකළාහුද එය විචාරමි. භාග්‍යවතුන් වහන්සේ එමි වදාළ මැනවයි” ආයුෂ්මත් නන්ද තෙමේ ඇසීය.
“යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු දුටු දෙයින්ද, ඇසූදෙයින්ද, ශුද්ධිය කියත්. ශීලයෙන්ද, ව්‍රතයෙන්ද, ශුද්ධිය කියත්. (ii) නොයෙක් කරුණින් ශුද්ධියයි කියත්. එහි ඔවුහු යම්සේ හැසිරෙද්ද, එසේ නමුත් නන්දය, උත්පත්තියද, ජරාවද, තරණය නොකළාහුයයි කියමියි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
(මෙහි 4 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
“ඉදින් මුනිතෙමේ සතර ඕඝ තරණය නොකළවුන් කීයෙහිය. එසේනම් නිදුකාණන් වහන්ස, කවරෙක් මේ මනුෂ්‍ය ලෝකයෙහි ජාතියද, ජරාවද තරණය කෙළේය. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගෙන් විචාරමි. මෙය වදාළ මැනවයි” ආයුෂ්මත් නන්දතෙමේ විචාළේය.
භාග්‍යවතුන් වහන්සේ “නන්දයෙනි, මම සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති ජරාවලින් වැළඳගත්තාහුයයි නොකියමි. මේ ලෝකයෙහි යම්කෙනෙකුන් අතරෙහි සියලු දුටුදෙය, ඇසූදෙය, ගන්ධ, රස ස්පර්ශ හෝ සීල ව්‍රත හෝ සියල්ල අත්හැර තෘෂ්ණාව දැන ආශ්‍රව නැත්තේද ඒකාන්තයෙන් ඒ මනුෂ්‍යයෝ කාමාදී සතර දියපහර එතරවූයේයයි” කියනු ලැබේ.
“ගෞතමයන් වහන්සේ උපධි රහිත වූවක් වදාරණලදී. මහර්ෂීන් වහන්සේගේ මේ දෙශනාවට සතුටුවෙමි. මේ ලෝකයෙහි යම් කෙනෙකුන් කෙරෙහි දක්නාලද්දද, අසන ලද්දද, ගන්ධ රස ස්පර්ශ හෝ සීලව්‍රත යන සියල්ල අත්හැර නානාප්‍රකාර රූපද හැර තෘෂ්ණාව දැන ආශ්‍රවයන්ගෙන් මිදුනාහුද මම ඒ ඕඝය එතර කෙළෙමියි කියමි.”
නන්දමාණවපුච්ඡා සත්තමා නිට්ඨිතා.
පරිවර්තන [18]
English
- Bhikkhu Ānandajoti (1999)
- Bhikkhu Sujato
- Laurence Khantipalo Mills (2015)
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyanaponika Thera
- Sabbamitta (2019)
Afrikaans
- Prof. J.S. Krüger (1999)
Italiano
- Enzo Alfano
Русский
- Н. И. Герасимов (2010)
Nederlands
- Guy Eugène Dubois
- Peter van Loosbroek
Norsk
- Kåre A. Lie
தமிழ்
- Ben Arasu
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නන්ද මානව ප්‍රශ්න
විවරණ [1]
English