බරවීම්

පරිවර්තන [11]

සොණකොළිවිස ථෙර ගාථා

“යමෙක් ශ්‍රෙෂ්ඨවූ අඟු රටට අධිපති බිම්බිසාර රජහුගේ රටෙහි කෙළෙඹියෙක් වීද, ඒ සෝණතෙමේ අද ලොකෝත්තර ධර්මයන්ගෙන් උසස් බවට පැමිණියේ විය. සියලු දුක් කෙළවර කෙළේය.

“ධර්ම පසක් සිඳ දැමුවාවූද, ධර්ම පසක් දුරු කළාවූද, ධර්ම පසක් වැඩුවාවූද, ඇලීම් පසක් ඉක්මෙව්වාවූද, භික්ෂු තෙමේ චතුරොඝය තරණය කළාහුයයි කියනු ලැබේ.

“උඩටනැගි මාන නල ඇත්තාවුද, ප්‍රමාද දොෂයෙන් යුක්තවූවාවූද, කාමාශාව දුරු නොකළාවූ භික්ෂුවට සීල සමාධි ප්‍රඥා යන ධර්මයෝ සම්පූර්ණ බවට නොපැමිණෙති.

“යම් හෙයකින් කෘත්‍ය වශයෙන් තමා අයත් දෙය හැරදමා, නොකටයුතු කෙරෙයිද, උද්ගත මාන නල ඇති ප්‍රමාද දොෂයෙන් යුක්තවුනාවූ ඔවුන්ට ආශ්‍රවයෝ වැඩෙත්.

“යමෙකුන් විසින් මනාකොට පටන්ගන්නාලද කායගතාසති භාවනාව වඩාද, ඔහු නොකටයුතු සේවනය නොකරයි. කටයුතුවල නිතර යෙදී වාසය කරයි. ස්මෘතියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන තැනැත්තා කෙරෙන් ආශ්‍රව ධර්මයෝ ක්ෂය බවට යෙත්.

“කියන ලද ඍජු මාර්ගයෙහිම නොනවත්වාම ගමන් කරව, තමහට තමාම චොදනා කරගනිමින් පටන්ගන්නා ලද වීර්ය ඇතිව නිවන් කරාම පැමිණිය යුතුය.

“ලොකයෙහි පසැස් ඇති නිරුත්තරවූ ශාස්තෲන් වහන්සේ වීණොපමාවෙන් මට ධර්මය දේශනා කළ සේක.

“මම උන්වහන්සේගේ ධර්මය අසා ශාසනයෙහි ඇලුනේ උත්තමාර්ථයට පැමිණීම පිණිස සමථ විදර්ශනා වැඩුවෙමි.

‘ත්‍රිවිද්‍යාවද ලැබුවෙමි. බුදුන්ගේ අනුශාසනාවද කෙළෙමි. නිරවද්‍ය ධර්මයන්හි යෙදුනහුට සිත පිළිබඳ විවේකයද,

“නිදුක් සුවයද ලදිමි. දැඩිව අල්ලාගැනීම් ධර්මයන් නැති කිරීමෙන් තෘෂ්ණාවද ක්ෂය කෙළෙමි. සිත පිළිබඳ මූලාගතියද ලදිමි. ආයතන ධර්මයන්ගේ ක්ෂණ ක්ෂණයෙහි ඉපදීම මාර්ග ප්‍රඥාවෙන් දැක සිත මනාකොට මිදුනේය.

“කෙලෙසුන්ගෙන් සිත මිදුනාවූ ශාන්තවූ සිතක් ඇති ඒ ක්ෂීණාශ්‍රව භික්ෂුවට කුසල් අකුසල් ඇතිවීමක් නැත. කළයුතු දෙයක්ද නොමැතියි.

“ඒකඝන ගල් පර්වතයක් සුළඟින් කම්පා නොවේද, එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු විෂයෙහි භික්ෂුවගේ කම්පාවීමක් නැත.

“අටලෝ දහමින් කම්පා නොවන ගුණයෙන් යුක්තවුනාවූ උන්වහන්සේ ඉටු අනිටු අරමුණුවලට නොසෙල්වී සිටී. සියලු යෝගයන්ගෙන් වෙන්වුනාවූ ස්ථිර සිතක් ඇති උන්වහන්සේ සියල්ල වෙනස්වීම අනුව බලමින් වාසය කරයි.”

... සොණො කොළිවිසො ථෙරො....

තෙරසනිපාතො නිට්ඨිතො.

විවරණ [1]