“සීල සම්පන්නවූද, ශාන්තවූද සිහියෙන් යුක්තවූද භවයෙන් නික්මීමේ කල්පනා ඇතිව ධ්‍යාන කරන්නාවූද අප්‍රමාද විහරණයෙන් යුක්තවූද, කර්ම ස්ථානභාවනාවෙහි ඇලුනාවූද, එකඟවූ සිත් ඇත්තාවූද විවේකය වඩන්නාවුද ප්‍රත්‍යයාදී සන්තොෂයෙන් යුක්තවූද, යම් පුද්ගලයෙක් වේ නම් ඔහු භික්ෂුයයි කියනු ලැබේ.
“සිනිඳුවූද, රළුවූද අහර බුදිනු ලබන්නේ බොහෝ කොට නුබුදීද ස්වල්පවූ ආහාරයෙන් නොපිරුණු බඩ ඇතිව සිහියෙන් යුක්තව වාසය කරන්නේය.
“සතර පස් පිඩකට ඉඩ තබා පැන්බොන්නේවේද, නිවනට මෙහෙයවූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“සීතාදියෙන් වළකාසිටීමාදී ප්‍රයෝජන සලකා සැප සිවුරෙන් ශරීරය වසාද නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“එරමිණියා ගොතාහුන්නහුට වැස්සෙන් දෙදණ නොතෙමීසිටිය හැකිවේද, නිවන් පිණිස මෙහෙයවූ සිත් ඇති භික්ෂුවගේ එය සැප විහරණය පිණිස වෙයි.
“යමෙක් සුඛවේදනාව වෙනස්වන දුක් ඇති දෙයකැයි දකීද, දුක්වේදනා වනාහි හුල් වශයෙන් දකීද, මධ්‍යස්ථ වේදනාවෙහි මමය මාගේයයි යන හැසිරීමක් නැත්තේද, ලෝකයෙහි කිසිවක් නැති පුද්ගලයා ඔහු වන්නේය.
“යමෙක් පාපිච්ඡවේද, කුසීතවේද, වීර්ය අඩුකෙනෙක් වේද, අල්පශෘතයෙක්වේද, අනාදරයෙක්වේද, එබඳුවූ ලාමක පුද්ගලයා කිසිකලෙකත් මා කෙරෙහි නොවේවා.
“බහුශ්‍රැතවේද, ප්‍රඥාව ඇත්තාවුද, සීලයෙහි පිහිටියාවූද, සිත තැන්පත් කළාවූද පුද්ගලතෙම මාගේ මස්තකයෙහි සිටීවා.
“තෘෂ්ණාදී ප්‍රපංච ධර්මයන්ගෙන් යුක්තවූද ඒ ප්‍රපංච ධර්ම විෂයෙහිම ඇලුනාවූද, යම් පුද්ගලයෙක් මෘගයෙක් හා සමානවේද, ඒ පුද්ගලයා නිරුත්තරවූ යොගක්ෂෙම නම්වූ නිවණ නොලබයි.
“යම් පුද්ගලයෙක් තෘෂ්ණා ප්‍රමාද හැර පමා බවක් නැති නිවනෙහි ඇලුනේද ඒ පුද්ගලයා නිරුත්තරවූ යොගක්ෂෙම නම්වූ නිවන ලබයි.
“ගමෙහි හෝ අරණ්‍යයෙහි හෝ පහත් ස්ථානයෙහි ගොඩ තැන යන යම් ස්ථානයක රහතුන් වෙසෙත් නම් ඒ ස්ථානය රමණීය ස්ථානයක්වේ.
“යම් තැනක රමණීය වනයෝ වෙත්ද, ජනයා නොඇලෙන ඒ වනාන්තරවල වීතරාගී උතුමෝ ඇලෙත්. කාමය සොයන පුද්ගලයෝ නොඇලෙත්.
“යම් පුද්ගලයෙක් වරද දක්වන්නේ නම් ඔහු නිධාන් දක්වන්නෙක් වැනිය. නිග්‍රහ මුඛයෙන් කියන්නාට ප්‍රඥාව ඇති එබඳුවූ පණ්ඩිතයෝ භජනය කළයුතුය. එබන්දන් සේවනය කරන්නහුට ශ්‍රෙෂ්ඨ භාවය ඇතිවෙයි. ලාමක බවක් ඇති නොවෙයි.
“එම නිසා අවවාද කළයුතුයි. අනුශාසනා කළ යුතුයි. අසභ්‍ය භාවයෙන්ද වැළකිය යුතයි. එබඳු පුද්ගලයෝ සත්පුරුෂයන්ට ප්‍රියයි. අසත්පුරුෂයන්ට අප්‍රියයි.
“පසැස් ඇති බුදුරජාණන් වහන්සේ අනිකෙකුට යම් ධර්මයක් දේශනා කෙළේද ඒ ධර්මය දේශනා කරන කල්හි කන් නමා සිටියෙමි.
“මගේ ඒ ඇසීම් හිස්නොවූයේය. ආශ්‍රව රහිතව කෙලෙසුන්ගෙන් මිදුනෙමි. මගේ සිත පෙරවිසූ පිළිවෙල දැනීම පිළිබඳ නොවේ. දිවැස් ලැබීම පිණිසද නොවේ.
“මාගේ ප්‍රාර්ථනාව වනාහි චුති උත්පත්ති දැනීමේ ඍද්ධිය පිළිබඳව හෝ දිව්‍යවූ කන් ලැබීම පිණිස හෝ නොවේ.
“හිස මුඩුකරන ලද්දේ සඟල සිවුර දැරුවේ රුක් මුල් ඇසුරුකොට ප්‍රඥාවෙන් උත්තම බවට පැමිණියේ උප තිස්සත්ථෙර නමින් ධ්‍යාන කරන්නෙහිය.
“සම්බුද්ධ ශ්‍රාවකවූ මම එකෙණෙහිම චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවැදී ආර්ය තුෂ්ණිම් භාවයෙන් යුක්තව සිටියෙමි.
“යම්සේ පර්වතය යහපත්ව පිහිටියේ නොසෙල්වේද එසේම මෝහය දුරුකළ භික්ෂුවද පර්වතයක් මෙන් නොසෙල්වෙයි.
“පිරිසිදුකම කැමැති කෙලෙස් රහිත පුද්ගලයාට ස්වල්පමාත්‍ර පාපයද මහත්කොට වැටහෙයි.
“ජීවිතයද කැමති නොවෙමි. මරණයද කැමති නොවෙමි. සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තව මේ ශරීරය බහා තබමි.
“මරණයටද කැමති නොවෙමි. ජීවිතයට කැමැති නොවෙමි. නිලයෙන් පහ කළ භටයෙක් මෙන් කාලය අපේක්ෂා කරමි.
“පෙරවරු පස්වරු යනාදී උභය කාලයන් අතර මරණය සිදුවේමය. නොමැරීමක් නම් නැත. එම නිසා ප්‍රතිපත්තිය පුරව. අපා දුකෙන් විනාශ නොවෙව. ක්ෂණ සම්පත්තිය නොයික්මවව.
“ඇතුළත හා පිටත ආරක්ෂාකරන ප්‍රත්‍යන්ත නගරයක් මෙන් ආත්ම භාවය ආරක්ෂා කරව. ක්ෂණ සම්පත්තිය පැහැර නොහරිව්. ඒ පැහැර හැරියේ නම් නිරයේ දුකට පත්වෙයි.
“ශාන්ත ගුණයෙන් යුක්තවූද එහිම ඇලුනාවූද ස්වල්ප බස් ඇත්තාවූද උඩඟු නොවූවාවූද පුද්ගලයා සුළඟින් ගසක කොළ හෙළන්නාක් මෙන් පාප ධර්මයන් බැහැර කරයි.
“ශාන්ත ගුණයෙන් යුක්තවූද එහිම ඇලුනාවූද ස්වල්ප බස් ඇත්තාවූද උඩඟු නොවූවාවූද පුද්ගලයා සුළඟින් ගසක කොළ හෙළන්නාක් මෙන් පාප ධර්මයන් අළුත පහකළේය.
“ශාන්ත ගුණයෙන් යුක්තවූයේ ක්ලේශ දුක් නැත්තේ පිරිසිදුවූයේ නොකැළඹුනේ යහපත් සිල් ඇත්තේ ප්‍රඥාවෙන් යුක්තවූවෙක්වේද හෙතෙම දුක් නැතිකරයි.
“අගාරියවූද අනගාරියවූද එකද පෘථග්ජනයෙකු කෙරෙහිවත් විශ්වාසය නොකටයුතුය. මක්නිසාදයත් යහපත් තැනැත්තෙක්ව අයහපත් තැනැත්තෙක්ද වෙයි. අයහපත් වූවෙක්ව යහපත්වූවෙක්ද වෙයි.
“කාමාශාවද ක්‍රොධයද ථිනමිද්ධයද නොසන්සුන් බවද සැකයද යන මේ පස භික්ෂුවගේ සිත කෙලෙසයි.
“යමෙක්හට සත්කාරයෙහිද අසත්කාරයෙහිද සිත වෙනස් නොවේ. තම අප්‍රමාදී විහරණයෙන් යුක්තවූ
“ඒ පුද්ගලයා නිතර ධ්‍යාන කරන්නේවේද විදර්ශනා වැඩීමෙන් උපාදානයන් ක්ෂය කිරීමේ ඇලුනාවූ ඔහු සත්පුරුෂයෙක් නොවේ.
“උත්තම මිදීමෙන් යුක්තවූ බුදුන් හා මහා සමුද්‍රයද පෘථිවියද පර්වතයෝද ආකාශයද සමකළ හැකිය.
“ශාස්තෲන් විසින් දෙසනලද ධර්මයට අනුව ඒ ධර්මය පවත්වන්නාවූ මහා ඤාණයක් ඇති එකඟවූ සිත් ඇති උන්වහන්සේ ඉෂ්ටානිෂ්ටාදි අරමුණු විෂයෙහි නොඇලෙයි. දූෂ්‍යද නොවෙයි.
“ශ්‍රාවක ඥානයෙහි පරතෙරට පත්වුනාවූද මහා බුද්ධියක් ඇත්තාවූද, මහා ප්‍රඥාවක් ඇත්තාවූද උන්වහන්සේ ගොළු නොවූයේ ගොළුවෙක් මෙන් අඟවන තැනැත්තෙක්ව වෙසෙයි.
“මා විසින් ශාස්තෲන් ඇසුරු කරන ලදී. බුදුන්ගේ අනුශාසනාවට අනුව කටයුතු කෙළෙමි. ගරු භාරය බහා තැබීමි. දැන් මට පුනර්භවයක් නැත්තේය.
“අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මේ මාගේ අනුශාසනාව වන්නේය. මම සියල්ලෙන් මිදුනෙකුව පරිනිර්වාණය කරන්නෙමි.”
... සාරිපුත්තො ථෙරො....
විවරණ [2]
English
Русский